මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සන්තකව සිටි සැකකරුවෙකු සමනලවැව පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ලද තොරතුරක් මත සමනලවැව පොලිස් වසමේ මීගහකඳුර ප්‍රදේශයේ සිදුකල වැටලීමකදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු 65 හැවිරිදි බෙලිහුල්ඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ අතර නිවිතිගල පොලීසිය විසින් ගොඩඋඩවත්ත ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සැකකරු 67ත් හැවිරිදි නිවිතිගල, වටාපත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය පැවසුවේ.
නාගොඩ පොලිස් ස්ථානයේ නිලධාරින් ආඩියාවත්ත ප්‍රදේශයේ සිදුකල තවත් වැටලීමකදී මෙරට නිෂ්පාදිත පිස්තෝල අවියක් සහ ටී - 56 වර්ගයේ පතොරම් දෙකක් සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සැකකරු 25 හැවිරිදි මාපලගම - මධ්‍යම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය පැවසුවේ.
සේරුනුවර, සිරිමංගලපුර සහ පුදුකුඩිඉරිප්පු, කුරුවිල් ප්‍රදේශවල සිදුකල වැටලීම්වලදී මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමග තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.