අප්‍රේල් මස 18 වනදා සිට 27 වනදා දක්වා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී පැවැත්වෙන දළදා දැක්මේ නිල තේමා පාඨය සහ නිල ලාංඡන මාර්ගෝපදේශය රජය මගින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව එහි තේමාව වන්නේ “සිරි දළදා වන්දනාව” යන්නයි.
මේ අතර දළදා වන්දනාවට අදාලව වට්ස්ඇප් ඔස්සේ හුවමාරු වන ව්‍යාජ දැන්වීමක් සම්බන්ධයෙන් ශ්‍රී දළදා මාලිගාවේ නිල ෆේස්බුක් පිටුව මගින් මහජනතාව වෙත නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම ව්‍යාජ දැන්වීමේ දැක්වෙන්නේ ශ්‍රී දළදා වහන්සේගේ විශේෂ ප්‍රදර්ශනය වෙනුවෙන් කැමති අයෙකුට ආධාර ලබාදිය හැකි බවයි. ඊට අදාළ බැංකු ගිණුමක් ද එම වට්ස්ඇප් පණිවිඩයෙහි දක්වා තිබෙනවා.
අදාල දැන්වීම සම්පූර්ණයෙන් ව්‍යාජ එකක් බවත් “සිරි දළදා වන්දනාව” වෙනුවෙන් අවශ්‍ය සියලු පහසුකම් ශ්‍රී දළදා මාලිගාව සහ රජය විසින් සපයන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
ශ්‍රී දළදා මාලිගාව විසින් වෙනත් කිසිදු පුද්ගලයෙකුට, සමූහයකට, සංවිධානයකට හෝ වෙනත් කවර ආකාරයකට හෝ අරමුදල් රැස් කිරීමට මෙන්ම වෙනත් කිසිදු සංවිධාන කටයුත්තක් පවරා නොමැති බවයි ශ්‍රී දළදා මාලිගාවේ නිල ෆේස්බුක් ගිණුමෙහි වැඩිදුරටත් දැක්වෙන්නේ.
SRI Dalada by nethsound on Scribd