පමුණුගම, උස්වැටකෙයියාව ප්‍රදේශයේ හෝටලයක් තුළ නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරමින් පැවැත් වූ සාදයක් පොලීසිය විසින් වටලා තිබෙනවා.
ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධාන කර තිබූ එම සාදයට එක්ව සිටි සැකකරුවන් හා සැකකාරින් 57 දෙනෙකු පමුණුගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.
ඊට සහභාගී වී සිටි සැකකරුවන් 16 දෙනෙකු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය හා ගංජා සොයාගෙන තිබෙනවා.
එහි සිටි සැකකාරියන් 07 දෙනෙකු සහ සැකකරුවන් 34 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.
එම සියලු සැකකරුවන් හා සැකකාරියන් අවුරුදු 18ත් 35ත් අතර වයස්වල පසුවන කොළඹ, තදාසන්න ප්‍රදේශවල පදිංචිකරුවන් බවටයි අනාවරණ වී ඇත්තේ.
අදාල සාදය පැවැත් වූ හෝටලයේ හිමිකරු ද අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 3යි මිලි ග්‍රෑම් 200ක් සමග අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.