දකුණු කොරියානු වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත් වූ එරට හිටපු අගමැති හැන් ඩැක් සූට එරෙහිව එරට විපක්ෂය විසින් ගෙන ආ දෝෂාභියෝගය දකුණු කොරියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඒ අනුව ඔහු දකුණු කොරියාවේ වැඩබලන ජනාධිපතිවරයා ලෙස නැවත පත්වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
දකුණු කොරියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ 08 දෙනෙකුගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක විනිසුරුවරුන් හත් දෙනෙකුගේ එකඟතාවයෙන් එම දෝෂාභියෝගය නිෂ්ප්‍රභ කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.
දකුණු කොරියානු ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ යුන් සුක් යොල් හමුදා නීතිය පැනවීමේ සිදුවීමක් මුල්කර ගනිමින් දෝෂාභියෝගයක් මගින් ඔහු එම තනතුරෙන් නෙරපා දමනු ලැබුවා.
හැන් ඩැක් සූ දකුණු කොරියාවේ වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත් කෙරුණේ ඉන් පසුවයි.
කෙසේවෙතත් ඔහුට එරෙහිව ද එරට විපක්ෂය විසින් දෝෂාභියෝගයක් ගෙනඑනු ලැබුවා.