Wednesday, March 26, 2025

General line - 0115112241

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පිළිබඳ පැමිණිලි හයක්



පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් 06ක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බව පොලීසිය පවසනවා.

ඊයේ දිනය දක්වා කාලය තුළ එම පැමිණිලි ලැබී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

දඹුල්ල, රත්තොට, මැදවච්චිය, පොලොන්නරුව සහ මොනරාගල ප්‍රදේශවල මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් එම පැමිණිලි ලැබී තිබෙනවා.

ඒ අතරින් සිද්ධීන් 04ක් නීති විරෝධී ප්‍රචාරණ කටයුතුවලට අදාල ඒවායි.

කැබිතිලිගොල්ලෑව ප්‍රදේශයේ වියළි ආහාර බෙදාදීමේ සිද්ධියක් සහ පොලොන්නරුව ප්‍රදේශයේ අපේක්ෂකයෙකු විසින් ප්‍රධාන මාර්ගයේ වීදි ලාම්පු සවි කිරීම සම්බන්ධයෙන් අනෙක් පැමිණිල්ල ලැබී ඇති බව පොලීසිය සඳහන් කළා.