සිසිල් බීම යැයි සිතා ඩීසල් පානය කළ දරුවෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ යාපනය, කයිට්ස්, නාරාත්තනෙයි ප්‍රදේශයේ පදිංචි අවුරුද්දයි මාස නමයක් වයසැති දරුවෙක්.
පොලීසිය පැවසුවේ නිවසෙහි බෝතලයක තිබු ඩීසල් බෝතලයක් සිසිල් බීම යැයි සිතා එම දරුවා විසින් පානය කර ඇති බවයි.
සිද්ධිය සැලවීමෙන් පසු දරුවාගේ මව්පියන් විසින් ඔහුව කයිට්ස් රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.
කෙසේවෙතත් ප්‍රතිකාර අතරතුර එම දරුවා ජිවිතක්ෂයට පත්ව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් කයිට්ස් පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.