හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා සහ තවත් සැකකරුවන් දෙදෙනෙකු අප්‍රේල් 03වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ, එම සැකකරුවන් අද එම අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔස්පු සකස් කර විකිණීමේ සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අත්අඩංගුවට ගැනු ලැබුවේ ඉකුත් 05 වනදායි.