ඕස්ටේ්‍රලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් මෙරට සමාගමක් විසින් මිලදී ගෙන තිබූ කොටස් මිලියන 21ක් සම්බන්ධයෙන් ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකසා එම කොටස්වලට අදාල රුපියල් මිලියන 21ක මුදලක් සාපරධී විශ්වාසය කඩ කිරීම ඇතුළු චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල සහ ව්‍යාපාරිකයකු වන සිඩ්නි ජයසිංහ යන මහත්වරුන් එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මෙම තීන්දුව ලබා දුන්නේ කොළඹ මහාධිකරණයේ පූර්වගාමී විනිසුරු නාමල් බණ්ඩාර බළල්ලේ මහතා විසින්.
තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බළල්ලේ මහතා මෙම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව පැමිණිල්ල විසින් අධි චෝදනා හතරක් එල්ල කර තිබූ බව සඳහන් කළා.
ඒ අනුව එක් එක් විත්තිකරුට චෝදනා දෙක බැගින් එල්ල කර තිබූ අතර එම අධි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ කිරීමට අසමත් වී ඇති බවත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා කියා සිටියා.
ඒ අනුව විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට තීරණය කරන බවත් විනිසුරුවරයා අවසන් වශයෙන් සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අනාවරණය කර සිටියා.
1996 සැප්තැම්බර් 26 සහ 1997 සැප්තැම්බර් මස 25 වනදා අතර කාලසීමාව තුළ ඕස්ටේ්‍රලියානු ජාතික ව්‍යාපාරිකයකු වන බ්‍රයන් ෂැඩික් නමැත්තාට අයත් ‘ඩිජිටල් නොමිනීස්’ පුද්ගලික සමාගම නමින් මිලදී ගෙන තිබූ පෑන් ඒෂියා බැංකුවට අයත් කොටස් මිලියන 21ක් ව්‍යාජ ඇටෝනී බලපත්‍රයක් සකස් කොට එම කොටස් සම්බන්ධයෙන් රුපියල් මිලියන 21ක මුදලක් සාපරාදී විශ්වාසය කඩ කිරීම, කුමන්ත්‍රණය කිරීම හෝ ඊට ආධාර අනුබල දුන්නේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල සහ ව්‍යාපාරිකයකු වන සිඩ්නි ජයසිංහ යන මහත්වරුන්ට එරෙහිව ඉකුත් යහ පාලන රජය සමයේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණා.
මෙම නඩුවේ විත්තිකාර උදය ගම්මන්පිල මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ නීතිඥ මණ්ඩලයක් පෙනී සිටි අතර විත්තිකාර සිඩ්නි ජයසිංහ මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ නලින්ද ඉන්දතිස්ස මහතා ඇතුළු නීතිඥවරුන් පිරිසක් පෙනී සිටියා.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් යොහාන් අබේවික්‍රම මහතායි.
උදය කුමාර