තුර්කි ජනාධිපති රිසෙප් තායිප් අර්ගෝටන්ට එරෙහි විරෝධතා තවදුරටත් උත්සන්න වී තිබෙනවා.
දින පහක් පුරා ක්‍රියාත්මක විරෝධතා අතරතුර තුර්කි ආරක්ෂක අංශ මගින් පුද්ගලයින් 1,100කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
තුර්කි ජනාධිපතිවරයාගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වන ඉස්තාන්බුල් නගරාධිපති එක්රෙම් ඉමාමොග්ලු දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගැනීමට එරෙහිව එම විරෝධතා ආරම්භ වුණා.
ඉස්තාන්බුල් නගරාධිපතිවරයා ඉදිරියේදී පැවැත්වීමට නියමිත තුර්කි ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් මහජන පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට නියමිතව සිටියා.
විරෝධතාකරුවන් පවසන්නේ වත්මන් ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත් විය යුතු බවයි.
මෙම විරෝධතාව දශකයට වැඩි කාලයක් තුළ තුර්කියේ ක්‍රියාත්මක වූ දැවැන්තතම විරෝධතාවය බවට ද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.