Wednesday, March 26, 2025

General line - 0115112241

නව තානාපතිවරුන් තිදෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙයි



මෙරටට අලු‍තින් පත්ව පැමිණි විදේශ තානාපතිවරුන් තිදෙනෙක් අද ජනාධිපති කාර්යාලයේදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්නා.'ප්‍රංශය, පලස්තීනය හා නේපාලය යන රටවල් වෙනුවෙන් මෙලෙස නව තානාපතිවරු පත්ව ආ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ඒ අනුව, ප්‍රංශ තානාපතිවරයා ලෙස රෙමි ලැම්බර්ට් මහතා ද පලස්තීන තානාපතිවරයා ලෙස' ඉහාබ් අයි.එම්. කලීල් මහතා ද නේපාල තානාපතිවරයා ලෙස ආචාර්ය පූර්ණ බහදූර් නේපාලි මහතාද පත්ව තිබෙනවා.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන් ද එම අවස්ථාවට එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.