මෙරට ප්‍රධාන පෙළේ අපරාධකරුවෙකු වූ ‘කළු ගාමිණී’ නැමැත්තාගේ බෑනා වන ජූඩ් නැමැත්තා මිනුවන්ගොඩ, කොටගෙදර ප්‍රදේශයේදී බස්නාහිර පළාත් - උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, එම සැකකරු හෙරොයින් ජාවාරමක නිරත වන බවට ලද තොරතුරක් අනුවයි.
සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී ‘කළු ගාමිණී’ නැමැත්තාගේ දුව සහ බිරිඳ නීති විරෝධී මත්පැන් පෙරමින් සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
අදාළ නිවසේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13ක්, මාල කැඩීමේ සිද්ධීන්වලට යොදා ගන්නා සොරකම් කරන ලද යතුරු පැදි තුනක් බස්නාහිර පළාත් - උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරින් භාරයට ගෙන තිබෙනවා.
‘කළු ගාමිණී’ නැමැත්තාගේ බිරිඳ, දුව සහ බෑනාට වරෙන්තු 18ක් අධිකරණය මගින් නිකුත් කර ඇති බවයි පොලීසිය පවසන්නේ.
සැකරුවන් තිදෙනා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසු ජූඩ් නැමැත්තා දින 07ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලීසියට අවසර දී තිබෙනවා.
‘කළු ගාමිණී’ නැමැත්තාගේ දුවට අත්තනගල්ල උසාවියේ වරෙන්තුවක් පවතින බැවින් ඇය රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
‘කළු ගාමිණී‘ නැමැත්තාගේ බෑනා වන ජූඩ් නැමැත්තාගෙන් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමේදී දිවයින පුරා යතුරු පැදි 06ක් සොරකම් කිරීම සහ රන්මාල පහක් සොරකම් කිරීම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති බවයි පොලීසිය පැවසුවේ.
‘කළු ගාමිණී‘ නැමැති අපරාධකරු පාතාල කල්ලි ගැටුමකදී මීට කලකට පෙර මියගොස් ඇති බවද පොලීසිය පැවසුවා.