හිටපු යුද හමුදාපතිවරුන් වන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ලුතිනන් ජනරාල් ජගත් ජයසූරිය මෙන්ම හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ ඇතුළු පිරිසකට එක්සත් රාජධානිය විසින් සම්බාධක පනවා තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධය අතරතුර බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධ බවට චෝදනා කරමින්.
එමෙන්ම ඛඔඔෑ සංවිධානයේ කලක් සේවය කළ, එහි නැගෙනහිර සන්නද්ධ අංශ නායකයා ලෙස කටයුතු කළ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ට ද මෙලෙස සම්බාධක පනවා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම පිරිසට එක්සත් රාජධානියේ සංචාරය තහනම් කිරීම තහනම් කර ඇති බවයි. එමෙන්ම එරට තුළ ඔවුන් සතුව ඇති වත්කම් පවතින්නේ නම් ඒවාද රාජසන්තක වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මෙම සම්බාධක පනවා ඇත්තේ ඊයේ දිනයේයි. එක්සත් රාජධානිය පවසන්නේ සිවිල් යුද්ධය අතරතුර සිදු කරන ලද බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජන සඳහා වගවීම සෙවීම හා දඬුවම් නොලැබීමේ සංස්කෘතියක් වැළැක්වීම මෙහි අරමුණ බවයි.
කෙසේවෙතත් මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නව රජය සමඟ කටයුතු කිරීමට කැපවී සිටින බවද එක්සත් රාජධානිය අවධාරණය කර තිබෙනවා.
එක්සත් රාජධානියේ විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ඩේවිඩ් ලැමී ප්‍රකාශ කර ඇත්තේ සිවිල් යුද්ධයේදී සිදු වූ සහ අදටත් ප්‍රජාවන්ට බලපාන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජන සඳහා වගකිව යුත්තන්ට දඬුවම් නොලැබීමට ඉඩ නොදිය යුතු බවයි.
ප්‍රජාවන් එක්ව ඉදිරියට යාමට නම්, අතීත වැරදි පිළිගැනීමක් සහ වගවීමක් තිබිය යුතු බවත් හඳුන්වා දී ඇති සම්බාධක මගින් ඊට සහාය දක්වනු ඇති බවත් ඔහු පවසනවා.