Wednesday, March 26, 2025

General line - 0115112241

චිකන්ගුන්යා රෝග ව්‍යාප්තිය පාලනයට උපදෙස් මාලාවක්



චිකුන්ගුන්යා රෝග තත්ත්වය පාලනය කිරීම සඳහා ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට ක්‍රියාත්මක කරන ක්‍රමවේදයම අනුගමනය කළ යුතු බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරින්ගේ සංගමය පවසනවා.

එහි සභාපති නජිත් සුමනසේන මහතා සඳහන් කළේ පසුගිය කාල සීමාවේ ග්‍රාමීය ප්‍රදේශවලින් විටින් විට චිකුන්ගුන්යා රෝගීන් වාර්තා වූ බවයි.

එම රෝග තත්ත්වය පාලනය කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරින්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් කරුණු දැක්වූයේ මෙලෙසයි.

වසර කිහිපයකට පසු කොළඹ සහ කෝට්ටේ ප්‍රදේශවල චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය වැඩිවෙමින් පවතින බව සෞඛ්‍ය අංශය පසුගියදා අනාවරණ කළා.