Wednesday, May 28, 2025

General line - 0115112241

යෝෂිත සහ බිරිඳ කොම්පඤ්ඤ වීදිය පොලීසියට



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ අද උදෑසන කොම්පඤ්ඤ වීදිය පොලීසියට පැමිණ තිබෙනවා.

ඒ, පසුගිය දා කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවක ඇති වූ ගැටුම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවක මෙම ගැටුම හටගෙන තිබුණේ ඉකුත් සෙනසුරාදා රාත්‍රියේයි.

පොලීසිය සඳහන් කළේ ගැටුම සම්බන්ධයෙන් සැකකරුවන් පිරිසක් හඳුනාගෙන ඇති බවයි.

යෝෂිත රාජපක්ෂ මහතා සමග පැමිණි පිරිසක් විසින් ඇති කරගත් මත ගැටුමක් හේතුවෙන් එහි සිටි ආරක්ෂක නිලධාරියෙකුට ඔවුන් පහරදී තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් හඳුනාගත් සැකකරුවන් අත්තිඩිය, තිඹිරිගස්යාය ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවත් ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් පොලීසිය සඳහන් කළා.