Wednesday, May 28, 2025

General line - 0115112241

හිටපු රාජ්‍ය අමාත්‍ය වියාලෙන්ද්‍රන් රිමාන්ඩ්



හිටපු රාජ්‍ය අමාත්‍ය එස් වියාලෙන්ද්‍රන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අල්ලස් ලබා ගැනීම සඳහා අනුබල දීමේ චෝදනාවකටයි.

අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා, අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.

පසුව ඔහු එළැඹෙන 01 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ.