ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය දැනට පවතින සියයට 8ක මට්ටමේ තවදුරටත් පවත්වා ගෙන යාමට තීරණය කර තිබෙනවා.
එම තීරණයට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේදීයි.
වත්මන් සහ අපේක්ෂිත දේශීය සහ ගෝලීය සාර්ව ආර්ථික ප්‍රවණතා පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය එම තීරණයට ගෙන තිබෙනවා.
දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය, උද්ධමනය සියයට 5ක මට්ටමේ ඉලක්කය කරා ක්‍රමයෙන් ළඟාවීම සහතික කරමින්, ආර්ථිකයට එහි උපරිම ධාරිතා මට්ටමට ළඟා වීමට සහාය වීමේ අරමුණින් එම තීරණය ගත් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පැවසුවේ.