Saturday, March 29, 2025

General line - 0115112241

ප්‍රශ්න විසඳුනා - වැටුප් වැඩි වූ ගැසට්ටුව ගැන සෞඛ්‍ය වෘත්තිකයින් සතුටින්



2025 අයවැය යෝජනා අනුව රාජ්‍ය සේවක වැටුප් සංශෝධන ඇතුළත් චක්‍රලේඛය නිකුත් කිරීමත් සමඟ තම ගැටළුවලට විසඳුම් ලැබී ඇතැයි සෞඛ්‍ය වෘත්තිකයින් පවසනවා.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ ඉල්ලීම් හිමිවන කාල සීමාව පිළිබඳ යළි රජයේ බලධාරින් සමග සාකච්ඡා කරන බවයි.

අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට තීරණය කිරීමත් සමඟ සෞඛ්‍ය සේවයේ මතු වූ විරෝධය වූයේ ඔවුන්ට මෙතෙක් හිමිව තිබූ අතිකාල දීමනා අඩු කිරීමයි.

ඒ සම්බන්ධයෙන් මෙම චක්‍රලේඛය මගින් විසඳුමක් ලැබී ඇත්ද?

වෛද්‍යවරුන්ට අමතර සෞඛ්‍ය වෘත්තීයවේදීන් ද වැඩ වර්ජනයක් පවා දියත් කළේ මෙම අතිකාල දීමනා ගැටළුව මුල්කර ගනිමින්.

නව චක්‍රලේඛය සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සම කැඳවුම්කරු උපුල් රෝහණ මහතාගෙන් ද විමසීමක් කළා.

2025 අයවැය යෝජනා අනුව රාජ්‍ය සේවක වැටුප් සංශෝධන ඇතුළත් සම්පූර්ණ චක්‍රලේඛය නෙත් නිවුස් ඩොට් එල් කේ අපගේ වෙබ් අඩවියේ ඇතුළත්.