Sunday, March 30, 2025

General line - 0115112241

ජොන්ස්ටන්ට එරෙහි තවත් නඩුවක් විභාගයට ගැනේ

උදය කුමාර



වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරීවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදුකලේ යැයි චෝදනා කොට, හිටපු වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව, අද කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගත්තා.

එම නඩු විභාගය පැවැත් වුණේ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේදීයි.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි සටහන් කර ගැනීම ද සිදු කෙරුණා.

ඉන් අනතුරුව නඩුව වැඩිදුර විභාගය සඳහා ජූනි මස 23 දක්වා කල් තැබීමට විනිසුරුවරයා නියම කළා.

වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරීවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදුකලේ යැයි චෝදනා කොට අල්ලස් පනත යටතේ හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන මොහොමඩ් සාකීර් යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබුණා.