බෝයිං විසින් ගුවන් හමුදාවේ අනාගත ප්‍රහාරක ගුවන් යානය ගොඩනඟන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
පෙන්ටගනය පවසන පරිදි එහි වර්තමාන බලඇණියට වඩා බොහෝ සෙයින් රහසිගත හා විනිවිද යාමේ හැකියාව ඇති එම ගුවන් යානය චීනය සමඟ ඇති විය හැකි ගැටුමකදී අත්‍යවශ්‍ය වේ.
මීළඟ පරම්පරාවේ ගුවන් ආධිපත්‍යය හෝ NGAD ලෙස හැඳින්වෙන, මිනිසුන් සහිත ගුවන් යානය චීනයේ සහ වෙනත් ඕනෑම විභව සතුරෙකුගේ ගුවන් ආරක්ෂාවට විනිවිද යාමට හැකි වන පරිදි නිර්මාණය කර ඇති අනාගත ඩ්‍රෝන් ගුවන් යානා සමූහයකට පෙරමුණ ගෙන සේවය කරනු ඇත.
එය නිෂ්පාදනය කිරීම සඳහා වූ මූලික කොන්ත්‍රාත්තුවේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 20 ක් බව පැවසේ.
එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සහ ගුවන් හමුදා නායකත්වය සමඟ ධවල මන්දිරයේදී ට්‍රම්ප් මේ බව නිවේදනය කළේය.
එහිදී අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා සිනහවකින් පැවසුවේ නව ප්‍රහාරක යානය F-47 ලෙස නම් කරන බවයි.