Sunday, March 30, 2025

General line - 0115112241

පන්දහසක බඩු මල්ලක් 2,500ට ආණ්ඩුවෙන් අවුරුද්දට



අලුත් අවුරුදු සමය වෙනුවෙන් රුපියල් 5,000ක් වටිනා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පැකේජයක් රුපියල් 2,500ක සහන මිලකට ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

එය හිමිවන්නේ තෝරාගත් අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා පමණයි. 

ඵ් අනුව අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂාවෙන් අලුතින් අයදුම්පත් ඉදිරිපත් කර ඇති අට ලක්ෂ 12,753ක් වන අයදුම්කරුවන් අතුරින් යෝග්‍ය ප්‍රතිලාභීන් තෝරා ගැනීමට අපේක්ෂා කරන බවයි රජය පවසන්නේ.

ඔවුන් සඳහා අප්‍රේල් පළමුවනදා සිට අප්‍රේල් 13 වනදා දක්වා කාලය තුළ රටපුරා පිහිටි ලංකා සතොස අලෙවිසැල් ජාලය සහ කෝප් සිටි අලෙවිසැල් මඟින් මෙම ආහාර පැකේජය ලබාදීමට නියමිතයි.