ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාග කරන විනිසුරුවරුන් දෙදෙනෙකු අද එම නඩු විභාගයෙන් ඉවත් වන බව අද දැනුම් දුන්නා.
පළමුව ඒ බව දැනුම් දුන්නේ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතායි.
සනත් බාලසූරිය සහ පෝද්දල ජයන්ත යන පුද්ගලයින් දෙදෙනෙකු විසින් තමන් සම්බන්ධයෙන් මුහුණු පොතේ පළ කර තිබූ අදහස්වලින් අනතුරුව තමන් මෙම තීන්දුව ගත් බවයි විනිසුරු මංජුල තිලකරත්න මහතා විවෘත අධිකරණයේදී අද දැනුම් දුන්නේ.
ඒ අනුව මෙම නඩුව විභාග කිරීමට සුදුසු විනිසුරුවරයෙකු නම් කිරීම සඳහා එය කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා හමුවට යොමු කරන බවද ඔහු විවෘත අධිකරණයේ කියා සිටියා.
ඉන් අනතුරුව එම නඩුව මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
විනිසුරු සුජීව නිශ්ශංක මහතා එහිදී සඳහන් කළේ තමන් ද මෙම නඩු විභාගයෙන් ඉවත් වන බවයි.
ඒ අනුව මෙම නඩුවට සුදුසු විනිසුරුවරයෙකු නම් කිරීම සඳහා එය මැයි මස 21 වන දා කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කැඳවන ලෙසත් නියෝග කෙරුණා.