පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව පුනාකරි, මන්නාරම සහ දෙහිඅත්තකණ්ඩිය යන ප්‍රාදේශීය සභාවන්හි ඡන්දය මැයි මස 06 වනදා පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඒ, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතාගේ අත්සනින් යුත් නිවේදනයක් නිකුත් කරමින්.
එම පළාත් පාලන ආයතන තුනෙහි නාමයෝජනා භාරගැනීමේ කටයුතු අද මධ්‍යහන 12.00ට අවසන් වුණා.