Monday, March 31, 2025

General line - 0115112241

පුංචි ඡන්දයේ අඩුම වියදම් සීමාව මන්නාරමට - වැඩිම වියදම් සීමාව ලාහුගලට



පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ වියදම් සීමා ඇතුළත් ගැසට් නිවේදනය මුද්‍රණය කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත යොමුකල බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය ඉදිරි දිනවලදී නිකුත් කෙරෙනු ඇති බවයි ඔහු කියා සිටියේ. 

මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළ වියදම් සීමා අනුව ඡන්ද දායකයෙකු සඳහා අවම මුදලක් නියම වී ඇත්තේ මන්නාරම ප්‍රාදේශීය සභාවටයි.

එම මුදල රුපියල් 74ක් වනවා.

එක් ඡන්ද දායකයෙකු සඳහා වැය කළ හැකි වැඩිම මුදල වන රුපියල් 160ක මුදල නියම වී ඇත්තේ ලාහුගල ප්‍රදේශීය සභාව සඳහායි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ මැතිවරණ කොමසාරිස් ජනරාල්  සමන් ශ්‍රී රත්නායක මහතා.