Monday, March 31, 2025

General line - 0115112241

ඊයේ පැවති තරඟයෙන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පරාජයට පත් කරමින් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට ජය



ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ රාත්‍රියේ පැවති තරඟයෙන් කඩුලු 05ක ජයක් අත්කර ගැනීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පරාජයට පත් කරමින්.

මෙම තරඟයේ පළමුව පන්දුවට පහර දුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09ක් දැවී ලකුණු 190ක් රැස් කළා. ට්‍රැවිස් හෙඩ් පන්දු 28කදී ලකුණු 47යි. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පන්දුවාර 16යි එක් පන්දුවකදී කඩුලු 05ක් දැවී ලකුණු 193ක් රැස් කරගනිමින් මෙම තරඟයේ ජය වාර්තා කළා.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ නිකලස් පූරන් පන්දු 26කදී ලකුණු 70ක් රැස් කළේ හතරේ පහර 06ක් සහ හයේ පහර 06ක් සමගින්.

මිචෙල් මාෂ් පන්දු 31කදී ලකුණු 52ක් රැස් කළා.