සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ අද පැවැති මාධ්‍ය හමුවට සහභාගී වුයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
‘‘වර්තමාන රජය ආණ්ඩුව බලය ලබාගැනිමේදී කතා කළේ ක්‍රමයේ වෙනසක් ගැන. පසුගිය ආණ්ඩු කරපු සෑම පත්රිමක්ම ක්‍රියාකාරකමක්ම රටේ දුෂිත ක්‍රියාකාරකම් ඇති කරන්න ඉවහල් වුණ බව තමයි ඔවුන් ප්‍රකාශ කළේ. ඔවුන් ප්‍රකාශ කළේ පසුගිය කාලයේ ලේකම්වරු , සභාපතිවරු , තානාපතිවරු , ඇතුළු තනතුරු දේශපාලනිකරණය වෙලාකියලා තමයි ආණ්ඩුව ප්‍රකාශ කළේ. ජාතික ජන බලවේග පාලනයක් තුළ හිතවත්කම්මත ලේකම්ධුර , සභාපතිධූර , ඇතුළු තනතුරු ලබාදෙන්නේ නෑ කියලා ඔවුන් ප්‍රකාශ කළා. රාජ්‍ය සේවයේ පත් විම් ලබාදිමේදී දැනුම් , කුසලතාවය , දක්ෂතාවය මත තනතුරු ලබාදෙන බව තමයි ජාතික ජන බලවේගය ප්‍රකාශ කළේ. එ් ආකාරයට තමයි ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශනයෙත් සඳහන් කරලා තිබුණේ. නමුත් ඔවුන් ලබාදි තිබෙන පොරොන්දු සම්පුර්ණයෙන් කඩ කරලා තිබෙනවා. ජනාධිපතිවරයා ඥාතිසංග්‍රහයවල් නෑ කිව්වට ඥාතින් වන උදවිය පාර්ලිමේන්තුව තුළ නියෝජනය වෙනවා. ඒ වගේම රජයේ පත්විම් ලබාදිමේදී ජනාධිපතිවරයාගේ ලේකම්ගේ සිට අමත්‍යංශ ලේකම්ධුර දක්වා ඥාති පදනම් මත පත්විම් ලබාදිලා තිබෙනවා. ඒ වගේම ආයතනවල සභාපතිධුර ද පක්ෂයේ වැඩ කටයුතු වලට සහභාගි වුණ පිරිසට පත්විම් ලබාදිලා තිබෙනවා.
ඒ වගේම ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දැක්වෙනවා විදේශ සේවා වලට පත්විම් ලබදිමේදී ඒ පත්විම් ලබා දෙන්නේ විදේශයේ සේවයේ සිටින නිලධාරින්ට බව ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වෙනවා. ඒ වගේම තානාපති සේවය සඳහා පත් කිරිම් 14 ක් පසුගියදා සිදුකරලා තිබෙනවා. ඒ පත්විම් තුළ විදේශ සේවයේ සිටින එක පුද්ගලයයි සිටින්නේ. අනිත් පත්විම් සියල්ල පිටතින් තමයි පත් කරලා තිබෙන්නේ. ජාතික ජන බලවේගයෙන් කොලඹින් ඉල්ලලා පරාජය වුණ අයෙක්ටත් තානාපතිධූරයක් පිරිනමලා තිබෙනවා. අධිකරණ සේවයේ හිටපු ප්‍රධානියෙක්ටත් තානාපතිධුරයක් ලබාදිලා තිබෙනවා.
මෙවැනි දේශපාලන පත්විම් නිසා තමයි රටේ යාන්ත්‍රණය කඩාගෙන වැටුනේ කියලා ජාතික ජන බලවේගය දිගින් දිගටම ප්‍රකාශ කළා. එවක පැවැති ආණ්ඩු ඔවුන්ට හිතවත් පිරිසට යම් යම් දේශපාලන පත්විම් ලබාදිම නිසා රාජ්‍ය යාන්ත්‍රණයේ තිබෙන ස්වාධිනත්වය , හැකියාව , විනිවිධභාවය යන කරුණු මේ හරහා කඩා වැටුන බව ආණ්ඩුව දිගින් දිගටම ප්‍රකාශ කළා. කණගාටුව වෙන්නේ වර්තමාන ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් සිදුකරන්නේ ඒ දෙයම වීමයි. ආණ්ඩුව ජනතාවට කියපු දේවල් අද සිදුකරන්නේ නෑ. ආපු පාලන තන්ත්‍රයම තමයි දිගටම ගමන් කරන්නේ. අනුර දිසානායක ජනාධිපති වුණා කියලා ක්‍රමයේ පරිවර්තනයක් ඇති වෙලා නෑ. පෙර හිටපු ජනාධිපතිවරු පත්විම් ලබාදුන්න විදිහටම තමයි වර්තාමන ජනාධිපතිත් පත් විම් සිදුකරන්නේ.
ඒ වගේම හිටපු අගවිනිසුරුවරයාට අනුර දිසානායක ජනාධිපති තනාපතිධුරයක් දිලා තිබෙනවා. ඒක අනියම් ආකාරයේ අධිකරණයට කරන බලපැමක්. මේ වැටේ ගෝඨාභයත් කළා. ගෝඨාභය හිටපු අගවිනිසුරු මොහාන් පිරිස්ට තනාපතිධුරයක් ලබාදුන්නා. අනුර කුමාර කරපු එකෙන් ගෝඨාභය කරපු එකෙයි කිසි වෙනසක් නෑ. මේවා කරන්න නෙවෙයිනේ අනුර ජනාධිපති වුණේ. හිටපු අගවිනිසුරුවරුගෙන් වැඩක් ගන්න පුලුවන් නිති ක්ශ්‍රේත්‍රයට.එවැනි දේවල් නෙවෙයි දැන් සිද්ධ වෙන්නේ. පෙර හිටපු ජනාධිපතිවරු කරපු වැඩ ටික තමයි අනුර දිසානායකත් සිදුකරන්නේ. ක්‍රමවේදය පරිවර්තනය කරනවා කිව්වාට කිසිදු ක්‍රමවේදයක් පරිවර්තනය කරන්න ආණ්ඩුව කටයුතු කරලා නෑ. කලින් හිටපු ජනාධිපතිවරු කරපු ටිකම තමයි වර්තමාන ජනාධිපතිත් සිදුකරන්නේ.
ඒ වගේම පලස්ථික ඊශ්‍රායල ගැටුම උග්‍ර තත්ත්යකය හැරි තිබෙනවා. පලස්තිනයේ පනස් දහසකට අධික ප්‍රමාණයක් ඊශ්‍රායල හමුදාව ඝාතනය කරලා තිබෙනවා. එයින් විසිදහසක් පමණ ලමුන් ලෙස හදුනාගෙන තිබෙනවා. අද මුලු ලෝකයේම ජනතාව මෙම යුද්ධයට විරුධෝය පලකරලා තිබෙනවා. පලස්තින ජනතාව ඝානනය කිරිම මේ සියවසේ සිදුවනු දරුණුතම සිදුවිම බවට පත්වී තිබෙනවා. අපේ රටත් දිර්ඝ කාලයක පලස්තින ජනතාවගේ අයිතින් වෙනුවෙන් පෙනි සිටිනවා. වර්තමාන ආණ්ඩුව විපක්ෂයේ සිටින විට පලස්තිනය වෙනුවෙන් දැඩි හඩක් නැගුවා. නමුත් පලස්තින ජනතාව වෙනුවෙන් පෙනි සිටි කණ්ඩායමක් අද ලංකාවේ බලය ලබාගෙන තිබෙනවා. නමුත් පලස්තිනය සම්බන්ධයෙන් කතා කරපු කිහිපදෙනෙකු අත් අඩංගුවට ගැනිම් කිහිපයක් සිදුවෙලා තිබෙනවා.
කොලඹ ප්‍රදේශයේ තරුණයෙකු ඊශ්‍රායලයට විරුද්ධ ස්ටිකරයක් ඇලවිම සම්බන්ධයෙන් ඔහුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ආණ්ඩුව කිව්වා ත්‍රස්ත පනත භාවිතා කරන්නේ නෑ කියලා. නමුත් මේ ත්‍රස්ත පනත යටතේ 5 දෙනෙක් අත්අංගුවට අරගෙන තිබෙනවා. ඒරාවුර් වල පලස්තිනය වෙනුවෙන් කවි ලියපු කෙනෙක්ගෙන් ප්‍රශ්න කරලා තිබෙනවා. ජාතික ජන බලවේගයෙ විපක්ෂයේ සිටින විට පලස්තිනය වෙනුවෙන් හඩ නගපු කට්ටය. ඔවුන් බලයට ආවට පස්සේ පලස්තිනය ගැන කතාකරන පිරිස් අත්අඩංගුවට ගැනිම් සිදු කරනවා. ජනාධිපතිවරයා මේ පිලිබඳව දැනුවත්ද නැද්ද කියලා අපිට ප්‍රශ්නයක්. පලස්තිනයේ සිදුවන ඝාතනවලට විරුද්ධව රටවල් රැසක් පෙරට ඇවිත් තිබෙනවා. මේ ආණ්ඩුවත් පලස්ථිනය වෙනුවෙන් හඩ නගන පිරිස දඩයම් කරන පිලිවෙතක් මේ ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක වෙනවා. පලස්තිනනය වෙනුවෙන් කතා කරන පිරිස් දඩුවම් කිරිමේ අවශ්‍යතාවය කුමක්ද කියලා අපි ආණ්ඩුවෙන් අහන්න කැමැතියි.
ඒ වගේම ඊශ්‍රාලයෙ සිටින යුද අපරාධ චෝදනා තිබෙන පිරිස් ලංකාවේ සංචාරය කරනවා. ඒ වගේම ඊශ්‍රාල හමුදාවේ පිරිස් ඔවුන්ගේ මානසික ආතතිය නැති කර ගන්න ලංකාවේ සංචාරය කරන්න ඔවුන් කටයුතු කරනවා. අපි අගමැතිවරියෙන් ඇහුවා මේ පිරිස් හදුනාගෙන සිටිනවාද කියලා. නමුත් එවැනි හදුනාගැනිමක් සිදුකරලා නැ කියලා ආණ්ඩුව ප්‍රකාශ කළා. ලංකාවේ අනවසර ඉදිකිරිම් ලෙස ඊශ්‍රාලයේ සංස්කෘතික මධ්‍යස්ථාන ඉදි කර තිබෙනවා. මෙම සංස්කෘතික මධ්‍යස්ථාන නිති විරෝධි බව අගමැතිවරිය ප්‍රකාශ කළා. නමුත් තවමත් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරයක් අරගෙන නෑ. නිති විරෝධිම් මේවා වහාම ඉවත් කරන්න කටයුතු කරන්න ඕන. මේවා සිද්ධ වෙන්නේ කාගේ අවශ්‍යතා සඳහාද, ආණ්ඩුව මේ පිලිබඳව බැරැරුම්ව අරගෙන තිබෙනවාද කියන ප්‍රශ්නය මතුවෙනවා. ආණ්ඩුවට තිබෙන ඇමරිකානු බලපැම නිසා පලස්තින සම්බන්ධ ප්‍රතිපත්ති ලිහිල් වෙලාද කියලත් අපිට සැක මතුවෙනවා. ඊශ්‍රාල අධිපති රට තුළ ක්‍රමක් ක්‍රමයෙන් වර්ධනය වෙන තත්ත්වයක් දක්නට ලැබෙනවා. රට තවත් අර්බුදයකට ගමන් කරන බවක් බවත් මේවායින් පෙනෙන්න තිබෙන්නේ. පලස්තිනය වෙනුවෙන් පෙනි සිටින ක්‍රියාකාරින් මර්දනය කිරිම වහාම රජය නතර කළ යුතුයි. ජනාධිපතිවරයා ඇතුළු පිරිස පලස්තිනය වෙනුවෙන් පෙනි සිටියා. නමුත් ඒ ප්‍රතිපත්ති බලය ලබාගත්තාට පසුව සම්පුර්ණයෙන් වෙනස් වෙලා තිබෙනවා.‘‘