මියන්මාරයේ ඇතිවූ ප්‍රබල භූ කම්පනයෙන් ජීවිතක්‍ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව 1,002ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
තුවාල ලැබූ පිරිසද 2,376 දෙනෙකු දක්වා මේ වන විට ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
එම ප්‍රබල භූ කම්පනයෙන් ජීවිතක්‍ෂයට පත්වූ සහ තුවාල ලැබූ පිරිස තවත් ඉහළ යා හැකි බව මියන්මාර හමුදා ප්‍රධානීන් පවසනවා.
සහන කණ්ඩායම් මුදා ගැනීමේ කටයුතු තවදුරටත් සිදු කරන බවයි එරට බලධාරීන් පවසන්නේ.
මියන්මාරයේ ඊයේ ඇතිවූ ප්‍රබල භූ කම්පනය හේතුවෙන් එරට කලාප 06ක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරුණා.
මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පළමුව ඇති වූ භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපංක ඒකක 7යි දශම 7ක ප්‍රබලත්වයක් ගෙන තිබුණා.
ඉන් අනතුරුව රික්ටර් මාපකයේ 6යි දශම 4ක ප්‍රබලත්වයෙන් යුත් තවත් පසු කම්පනයක්ද සිදුව තිබෙනවා.
එම භූකම්පන තායිලන්තයේ බැංකොක් නුවරටද බලපා තිබුණා.
ඒ හේතුවෙන් බැංකොක් අගනුවර ගොඩනැගිලි රැසකටද හානි සිදුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ අතර අත්ලාන්තික් සාගරයේද භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
එහි ප්‍රබලත්වය රික්ටර් මාපාංක ඒකක 6යි දශම 6ක් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
බ්‍රසීලයේ සිට කිලෝමීටර් 585ක දුරින් අත්ලන්තික් සාගරයේ කිලෝමීටර් 6 යි දශම 4 ක් අභ්‍යන්තරයේ එම භූ කම්පනය සිදුව ඇතැයි සදහන්.