Tuesday, April 1, 2025

General line - 0115112241

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ තදබදයක්



කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් එහි තදබදයක් මතුව තිබෙනවා.

එම බන්ධනාගාරය තුළ රැඳවිය හැකි රැඳවියන් ගණන 650ක් වුවත් මේ වන විට 2,100 දෙනෙකු පමණ එහි රඳවා සිටින බවයි බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කළේ.

රක්‍ෂිත බන්ධනාගාරගත කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වියාලේන්ද්‍රන් මහතා රඳවා සිටින්නේද කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේයි.  

මේ අතර සෙසු බන්ධනාගාරවලද මේ වන විට නියමිත ප්‍රමාණය ඉක්මවා රැඳවියන් රඳවා සිටින බවයි බන්ධනාගාර ආරංචි වැඩිදුරටත් සඳහන් කළේ.