චීනය වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනාව මත තායිවාන අධිකරණයක් විසින් ජනාධිපතිවරයාගේ ආරක්ෂක කණ්ඩායමේ සේවය කළ තිදෙනෙකු ඇතුළු සොල්දාදුවන් සිව් දෙනෙකුට වසර හතක සිර දඬුවම් නියම කර තිබේ.
2022 සහ 2024 අතර කාලය තුළ මාස කිහිපයක් චීන බුද්ධි ඒජන්තයින්ට රහසිගතව තබා ගත යුතු අභ්‍යන්තර හමුදා තොරතුරු ලබා දීමෙන් ජාතික ආරක්ෂක නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් මෙම පුද්ගලයින් වරදකරුවන් වූ බව තායිපේ දිස්ත්‍රික් අධිකරණය බදාදා ප්‍රකාශ කළේය.
වරදකරුවන් වූ හතර දෙනාගෙන් තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේ ආරක්‍ෂාව භාර හමුදා ඒකකයේ සාමාජිකයන් වන අතර සිව්වැන්නා ආරක්‍ෂක අමාත්‍යාංශයේ තොරතුරු හා විදුලි සංදේශ විධානයේ සෙබළෙකි.
ආරක්ෂක අමාත්‍යාංශයට ලද තොරතුරක් මත විමර්ශනයක් ආරම්භ කිරීමට පෙර පසුගිය වසරේ අගෝස්තු මාසයේදී සොල්දාදුවන් තිදෙනෙකු හමුදාවෙන් නිදහස් කරන ලද අතර සිව්වැන්නා වැඩ තහනම් කරන ලදී.
උසාවියට අනුව, ඔවුන්ගේ ජංගම දුරකථනවලින් තොරතුරු ඡායාරූප ගැනීම සඳහා සිවුදෙනාට අමෙරිකානු ඩොලර් 7,850 සිට 20,000 දක්වා ගෙවීම් ලැබී ඇත.
විත්තිකරුවන් අතිශයින්ම සංවේදී හා වැදගත් ඒකක සඳහා සේවය කර ඇති නමුත් අල්ලස් ලබා ගැනීම සඳහා ඔවුන්ගේ රාජකාරි උල්ලංඝනය කර ඇති අතර ඡායාරූප ගැනීමෙන් රහස් සොරකම් කර ඇත යනුවෙන් අධිකරණය නිවේදනයක් නිකුත් කරමින් කියා නිවේදනය කර තිබේ.
"ඔවුන්ගේ ක්‍රියාවන් රට පාවා දුන් අතර ජාතික ආරක්ෂාව අනතුරේ හෙළා ඇත." යනුවෙන් එහි දැක්වේ.
ඒ අනුව හමුදා සෙබළුන් සිවුදෙනාට වසර පහකුත්, මාස 10 සිට අවුරුදු හත දක්වාත් සිර දඬුවම් නියම විය.