ඉදිරි පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ රාජකාරී සඳහා රාජ්‍ය සේවකයන් දෙලක්ෂ පනස් දහසකට ආසන්න පිරිසක් සේවයේ යෙදීමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
දිවයිනේ ඡන්ද මධ්‍යස්ථාන 13,000ක් පමණ ස්ථාපිත කිරීමට සිදුවන බවයි එම කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙකු නෙත් නිවුස් වෙත කියාසිටියේ.
ඒ අනුව බොහෝ ඡන්ද මධ්‍යස්ථානවලට රාජ්‍ය සේවකයන් දස දෙනෙකු බැගින් රාජකාරී සදහා යෙදවීමටයි සැලසුම් කර ඇත්තේ.
එවන් පසුබිමක් තුළ ඡන්ද පොළ රාජකාරී සඳහා අවම වශයෙන් රාජ්‍ය සේවකයන් එක් ලක්ෂ 30,000කට ආසන්න පිරිසක් යෙදවීමට සිදුවන බවයි එම උසස් නිලධාරියා පැවසුවේ.
මෙවර ඡන්ද ගණන් කිරීම සිදුවන්නේද ඡන්ද මධ්‍යස්ථාන තුළදීයි.
එහෙත් කුඩා ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක ඡන්ද පෙට්ටි එක් මධ්‍යස්ථානයක් වෙත රැගෙනවිත් ගණන් කිරීමට නියමිතව තිබෙනවා.
ඒ පිළිබද දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්ට සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් විසින් තීරණය කරනු ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව පැවසුවා.
2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇත්තේ මැයි මස 06 වනදායි.