ඉකුත් 22වනදා කොළඹ පිහිටි සුපිරි වෙළෙඳ ම්‍යධ්‍යස්ථානයක සේවය කළ වයස අවුරුදු 22ක්වූ තරුණයකු අත්අඩංගුවට ගැනීමට අදාළව යම් සමාජ මාධ්‍යවල කිසියම් පිරිසක් විසින් ඊට සබැඳි ව්‍යාජ තොරතුරු සංසරණය කරමින් පවතින බව නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පවසනවා.
එම සමාජ මාධ්‍යවල සංසරණය වන තොරතුරු නිවැරදි නොවන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
මෙම විෂයගත ස්ටිකර් ඇලවීමට අදාළ පුද්ගලයා සම්බන්ධව ලද තොරතුරක් මත, පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර, එම විමර්ශනයේදී මෙම ක්‍රියාව සිදුකරන ලද තරුණයා සම්බන්ධව හෙළිදරව් වූ තොරතුරු අනුව, ඔහු හුදෙක්ම ස්ටිකරයක් ඇලවීමේ ක්‍රියාවෙන් ඔබ්බට වූ යම් දැඩි මතධාරියෙකු බවට අනාවරණය වීම සහ විමර්ශනයේදී අනාවරණ වූ සෙසු වැදගත් තොරතුරු වලටද අනුව, යම් ආකාරයකින් ත්‍රස්තවාදී ක්‍රියාවක් කිරීමට ප්‍රවේදීතාවයක් දක්වන පුද්ගලයෙකු බවට තිබූ සාධාරණ සැකය මත අත්අඩංගුවට ගත් බවයි එම නිවේදනයේ දක්වා ඇත්තේ.
මෙම සැකකරුගේ ක්‍රියා කලාපය සම්බන්ධව දීර්ඝ ලෙස විමර්ශන කරමින් පවතින අතර එහිදී හෙළිදරව් වූ කරුණු අනුව මොහු අන්තර්ජාලය භාවිතා කරමින් සහ වෙනත් ක්‍රමවේද උපයෝගී කර ගැනීම හේතුවෙන් යම් මානසික අභිප්‍රේරණයකට ලක්වී ඇති පුද්ගලයකු බවට නිරීක්ෂණය වී තිබෙන බවද එහි සඳහන්.
එම මානසික තත්ත්වය මත ආගමික අන්තවාදී ක්‍රියාවක් සිදුකිරීමට ඔහුට ඇති ප්‍රවේදීතාවය පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් පවතින බවයි පොලීසිය පවසන්නේ.
එම සැකකරු සතු පරිගණක දෘඩාංග, තොරතුරු තාක්ෂණික මෘදුකාංග සහ ජංගම දුරකථන ආශ්‍රිතව වෝහාරික විමර්ශන කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවද පොලීසිය පවසනවා.
ඉදිරි කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල විවිධ ජන කොටස් අතර තම ජාතික හා ආගමික උත්සවයන් පැවැත්වීමට නියමිතව පවතින අතර විශාල වශයෙන් විදෙස් සංචාරකයන් රට තුළ සංචාර සඳහා පැමිණීමට නියමිත කාල වකවානුවක, ඉහත අත්අඩංගුවට ගැනීම හා සම්බන්ධව වැරදි මත සමාජ ගත කිරීම තුළින් රටේ සාමයට මෙන්ම ජාතික ආර්ථිකයට විශාල වශයෙන් බලපෑමක් එල්ල විය හැකි බැවින් දුර්මත ප්‍රචාරණයට නොරැවටී, රටේ සාමය හා විවිධ ජන කොටස් අතර දැනට පවතින සංහිඳියාව ආරක්ෂා කිරීම සඳහා එක්ව කටයුතු කළ යුතු බවටද අදාළ නිවේදනයේ දක්වා තිබෙනවා.
මේ සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශන විනිවිදභාවයෙන් යුක්තව සිදුකර කඩිනමින් විමර්ශන අවසන් කර ඉදිරි ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරනු ලබන බවයි එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ.