පාරිභෝගික ජනතාවට හිඟයකින් තොරව සහල් ලබා දීම අරමුණු කර ගෙන ඉදිරියේදී සහල් ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිර්දේශ කර තිබෙනවා.
ඒ, ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව 05 වන වරටත් ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදීයි.
අස්වැන්න නෙළන තත්ත්වයක් තුළ වුවත් මේ වන විට වෙළෙඳපොළහි සහල් මිල ඉහළ යෑමක් නිරීක්ෂණය වන බවත්, වෙළෙඳපොළහි ඇතැම් සහල් වර්ගවල හිඟයක් දක්නට ලැබෙන බවත් වාර්තා වන බවයි ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව පවසන්නේ.
මේ අනුව, ප්‍රමාණවත් තොග පවත්වා ගෙන යෑම පිණිස සහල් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.
මේ වසරේ පැවති අධික වර්ෂාව හේතුවෙන් අවස්ථා දෙකකදී වගා හානි සිදුවීම හේතුවෙන් අපේක්ෂිත අස්වැන්නේ සැලකිය යුතු පහළ යෑමක් සිදු වූ බවයි මෙහිදී අනාවරණය වී ඇත්තේ.
සත්ත්ව ආහාර සදහා අවිධිමත් ලෙස සහල් භාවිත කිරීම සහල් හිඟය කෙරෙහි බලපා ඇති තවත් ප්‍රධාන හේතුවක්.
සත්ත්ව නිෂ්පාදන කර්මාන්තයෙහි සත්ව ආහාර අවශ්‍යතා සඳහා කැඩුණු සහල් ආනයනය කිරීමටත්, ආදේශක ආහාර භාවිත කිරීම පිළිබඳවත් කමිටුවේ අවධානය යොමු වී තිබෙනවා.
ඒ අනුව, කැඩුණු සහල් අවශ්‍ය ප්‍රමාණ නිසි ක්‍රමවේද අනුගමනය කරමින් ආනයනය කිරීමට කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමටයි අනුමැතිය හිමි වී ඇත්තේ.