Saturday, April 26, 2025

General line - 0115112241

ඉන්දියානු අග්‍රාමාත්‍ය  ශ්‍රී නරේන්ද්‍ර මෝදි ජනපති කාර්යාලයට පැමිණෙයි



ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණි ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයට පැමිණ තිබෙනවා.

ජනාධිපති කාර්යාලය වෙත පැමණි ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබුවා.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර “සියවස් මිතුදමක සෞභාග්‍යමත් අනාගතයකට බැඳීමක්” (Friendship Of Centuries Commitment to Prosperous Future) යන සංකල්පය තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා හෙට (06) වැනිදා තෙක් මෙරටට රැඳී සිටින බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටියේ.