Tuesday, May 20, 2025

General line - 0115112241

 ගොඩබිමට රැගෙන ආ ධීවර යාත්‍රාවෙන් මත්ද්‍රව්‍ය කිලෝ 700ක් සොයා ගැනේ



ශ්‍රී ලංකාවට බටහිර මුහුදේදී සිය භාරයට ගත් ධීවර යාත්‍රාවේ තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 700කට අධික ප්‍රමාණයක් සොයාගත් බව නාවික හමුදාව පවසනවා.

නාවික හමුදාව සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරින් විසින් සිදුකල ඒකාබද්ධ මෙහෙයුමකදී ඔවුන් භාරයට ගත් අදාළ ධීවර යාත්‍රාව දික්ඕවිට වරාය වෙත රැගෙන එනු ලැබුවා.

මෙරටට අයත් එම යාත්‍රාවේ සිටි පුද්ගලයන් 07 දෙනෙකු ද සිය භාරයට ගත් බවයි නාවික හමුදාව වැඩිදුරටත් පැවසුවේ.