මෙරටට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද අනුරාධපුර පූජා නගරය වෙත පැමිණ තිබුනා
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජයශ්‍රී මහා බෝදිය වැඳ පුදා ගැනීමට එක්ව ඇති අතර එහිදී අටමස්ථානාධිපති හිමි අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.
ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා විසින් මීට සුළු මොහොතකට පෙර අනුරාධපුර දුම්රිය ස්ථානයේ සමරු ඵලකය නිරාවරණය කර තිබෙනවා.
මෙම අවස්ථාව සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිසක්ද එක්වී සිටියා