Monday, April 7, 2025

General line - 0115112241

රටට අහිතකර කිසිදු ගිවිසුමකට අත්සන් නොකරන බව රජය කියයි



වත්මන් ආණ්ඩුව විදෙස් රටවල් සමග ගිවිසුම් ගත වීමේදී රටේ ජනතාවට වඩාත් වැදගත් දේවල්වලට පමණක් ගිවිසුම් ගතවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනිදු සමන් හෙන්නායක මහතා පවසනවා.

වත්මන් ආණ්ඩුව රටට අහිතකර කිසිදු ගිවිසුමකට අත්සන් නොකරන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ.


ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ විපක්ෂයේ ඇතැම් පිරිස් නගන චෝදනා සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ද අදහස් පළ කළා.


මේ අතර අමෙරිකානු නව තීරු බදු පැනවීම පිළිබඳව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර ප්‍රකාශ කර තිබූ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

ඒ පිළිබඳ සොයා බැලීමට කිසිදු පෙර සූදානමක් ආණ්ඩුවට නොතිබූ බවයි පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් සඳහන් කළේ.