Monday, April 7, 2025

General line - 0115112241

ගාසා තීරයේ ළමුන් හය ලක්ෂයක් ස්ථිර අංශභාග අවදානමක



ඊශ්‍රායලය විසින් යටත් කරගත් ගාසා තීරයේ ප්‍රදේශවලට පෝලියෝ එන්නත ලබාදීම වැළැක්වීම හේතුවෙන් අවම වශයෙන් ළමුන් හය ලක්ෂයකට අධික පිරිසක් ස්ථිර අංශභාග අවදානමකට ලක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ පෝලියෝ එන්නත වැළැක්වීම “වසංගතය පැතිරවීමට තර්ජනය කරන කාල බෝම්බයක්” ලෙස සමාන කරන බවයි.

මේ හේතුවෙන් ගාසා තීරයේ ළමුන් හය ලක්ෂය විසි දහසක් ස්ථිර අංශභාගය සහ නිදන්ගත ආබාධ ඇතිවීමේ අවදානමට ලක්ව තිබෙනවා.

පෝලියෝ එන්නත හඳුන්වාදීමට ඊශ්‍රායලයට බලපෑම් කරන ලෙසයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය අදාළ සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

පසුගිය වසරේදී අමාත්‍යාංශය, එක්සත් ජාතීන්ගේ ආයතන කිහිපයක් සහ අනෙකුත් හවුල්කරුවන් සමඟ එක්ව ගාසා තීරය පුරා දෙවරක් පෝලියෝ එන්නත් කිරීම සිදුකර තිබෙනවා.

මේ අතර ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පසුගිය පැය 24 තුළ පලස්තීන ජාතිකයන් 26 දෙනෙකු මිය ගොස් තිබෙනවා. 2023 ඔක්තෝබර් මස සිට මේ දක්වා ඊශ්‍රායල්-පලස්තීන යුද්ධයෙන් මියගිය සංඛ්‍යාව 50,695 දක්වා ඉහළ ගොස් ඇති බවයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.