Monday, April 7, 2025

General line - 0115112241

ඉන්දියාව සමඟ ඇති කරගත් ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව සජබය කියයි



ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයේදී ඉන්දියාව සමඟ ඇති කරගත් ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසනවා.

රටට සුබවාදී ගිවිසුම් සඳහා තම පක්ෂයේ සහාය ද ලබාදීමට බලාපොරොත්තු වන බවයි බදුල්ලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ.


ඉන්දියාව සමඟ අත්සන් තැබූ සියලුම ගිවිසුම් නිසි විනිවිද භාවයකින් යුතුව අත්සන් කිරීමට රජය කටයුතු කළ බවයි ජාතික ජන බලවේගයේ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසුවේ.


ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ද ඉන්දියාව සමඟ ඇතිකර ගත් ගිවිසුම් සම්බන්ධයෙන් කොළඹදී පැවති ජන හමුවකට එක්වෙමින් මෙලෙස අදහස් පළ කළා.