උතුරු කොරියාව වසර හයකට පසු පළමු ජාත්‍යන්තර මැරතන් තරගය පවත්වා තිබෙනවා
පියොං යැං නම් වූ මෙම ජාත්‍යන්තර මැරතන් තරගයට ඊට විදේශීය ධාවකයන් 200 දෙනෙකු එක්ව සිටියා.
31 වන ප්යොංයැං ජාත්‍යන්තර මැරතන් තරඟය ප්යොංයැං හි කිම් ඉල් සුං ක්‍රීඩාංගනයේ පවත්වා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
මෙම තරඟය අවසන් වරට පවත්වනු ලැබුවේ 2019 වසරේදී යි.
එම වසරේ විදේශිකයන් 950 දෙනෙකු ඊට සහභාගී වී තිබුනා.
මැරතන් තරගය හුදකලා රටේ විශාලතම ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව්වයි.
දැඩි පාලනයක් සහිත අගනුවර වීදි හරහා දිවීමට අමුත්තන්ට දුර්ලභ අවස්ථාවක් මෙම තරඟයෙන් ලබා දෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
1981 වසරේ දී ආරම්භ කරන ලද මැරතන් තරගය උතුරු කොරියා හිටපු නායක කිම් ඉල් සුංගේ උපත සැමරීම සඳහා වාර්ෂිකව අප්‍රේල් මාසයේදී පවත්වනු ලබනවා.
ප්යොංයැං මැරතන් තරඟයේ අවසාන තරඟය 2019 දී වසංගතයට පෙර පවත්වන ලද අතර, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් වෛරසය පාලනය කිරීම සඳහා එහි දේශසීමා මුද්‍රා තැබුණා.