හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව නොපවත්වා ඇති බව වාර්තා වනවා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ පිහිටි කාර්යාලයේදී එම සාකච්ඡාව පැවැත්වීමට සැලසුම් කර තිබුණා.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීම හේතුවෙන් අදාළ සාකච්ඡාව පවත්වා නැහැ.
අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පැනවූ සියයට 44ක තීරු බදු සම්බන්ධයෙන් සහ ඒ වෙනුවෙන් ගත හැකි පියවර පිළිබඳ සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබුණා.
එම සාකච්ඡාව සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගී වන බවට මීට පෙර වාර්තා වුණා.
කෙසේවෙතත් අද පැවති සාකච්ඡාවට ඔහු සහභාගී වී නැහැ.
මහින්ද රාජපක්ෂ මහතා එම සාකච්ඡාවට සහභාගී වීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයෙකු අකමැත්ත ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වුණේ.
ඒ අනුව හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් වෙනම පැවැත්වීමට නියමිතව තිබෙනවා.
බොහෝ විට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට ගොස් අදාළ සාකච්ඡාව සිදු කරනු ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වුණේ.