දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දිනයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව වැසි සමඟ ඇති විය හැකි අකුණු අනතුරුවලින් සිදුවන හානි වලක්වා ගැනීමට පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළේ.
මෙම දිනවල අකුණු අනතුරු ඉහළ යාමට බලපා ඇති හේතු සම්බන්ධයෙන් ද කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැහැදිලි කළා.