Tuesday, April 8, 2025

General line - 0115112241

මෙරට ජනගහණයේ අලුත්ම වාර්තාව



2012 වසරේ සිදුකළ සංගණනයට සාපේක්ෂව 2024 වසරේදී සිදුකළ සංගණනය අනුව මෙරට ජනගහණය 1,403,731න් ඉහළ ගොස් ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. 

ඒ අනුව 2024 වසරේදී සිදුකළ සංගණනයේදී මෙරට ජනගහණය 21,763,170ක් බවට වාර්තා වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. 

පළාත් අනුව ගත් කළ මෙරට මුළු ජනගහණයෙන් 28.1%ක වැඩිම ජනගහණයක් බස්නාහිර පළාතේ පදිංචිව සිටිනවා. 

5.3%ක් වූ අඩුම ජනගහණය පදිංචිව ඇත්තේ උතුරු පළාතේ බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

දිස්ත්‍රික්ක මට්ටමින් ජනගහණ ව්‍යාප්තිය සැලකූ විට වැඩිම ජනගහණයක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. 

එය 2,433,685කි. 

දෙවැනි තැනට කොළඹ දිස්ත්‍රික්කය පත්ව ඇති අතර එහි ජනගහණය 2,374,461ක් බවයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ අතර ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් සිදු කළ “ජන හා නිවාස සංගණනය 2024” වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත භාරදී තිබෙනවා. 

ඒ, ජනාධිපති කාර්යාලයේදීයි. 2024 ඔක්තෝම්බර් මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා දිවයින පුරා රැස් කරන ලද දත්ත පදනම් කර ගනිමින්, එම සංගණන මූලික වාර්තාව සකස් කර තිබෙනවා.