සිය ගැටලුවලට විසඳුම් ලබාදෙන තෙක් උප දුම්රිය ස්ථාන 08ක් තවදුරටත් වසාදමා ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේ සිය ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙසට බල කරමින් සේවයෙන් ඉවත් වූ උප දුම්රිය ස්ථානවල පුහුණු දුම්රිය ස්ථානාධිපතිවරුන් අතරින් පිරිසක් යළි සේවයට එක්කර ඇති බවයි.
මේ වන විට උප දුම්රිය ස්ථානාධිපතිවරු ඉවත් වූ ස්ථාන අතර ප්‍රධාන මාර්ගයේ හීන්දෙණිය, පට්ටිගොඩ, විජය රජදහන, ගිරාඹේ මෙන්ම නාවින්න, තිඹිරියාගෙදර, පින්වත්ත, කටුකුරුන්ද සහ කුමාරකන්ද අයත්.
එමෙන්ම රදැල්ල, ඉහළ වටවල ද අයත්.
කොළඹ දිස්ත්‍රික්කයේ පමණ උප දුම්රිය ස්ථානාධිපතිවරුන් නොමැති ස්ථාන සංඛ්‍යාව 19ක්.
නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතාගෙන් විමසීමක් කළා.
ඔහු පැවසුවේ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ පුරප්පාඩු දීර්ඝ කාලයක සිට පවතින බවයි.
එම ගැටලුව විසඳීම සඳහා කඩිනමින් බඳවාගැනීම් සිදු කරන බවද දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් පැවසුවා.