ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කෝසල නුවන් මහතාගේ අභාවය සම්බන්ධයෙන් සොව පළ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ෆේස් බුක් සටහනක් තබා තිබෙනවා.
පසුගිය මහ මැතිවරණයෙන් රුවන්වැල්ල ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඔහු පසුගිය ඉරිදා (06) හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වුණා.
මිය යනවිට ඒ මහතා 38 හැවිරිදි වියේ පසුවුණා.
ජනාධිපතිවරයා තැබූ සටහන පහතින්
“ගමන ඇරඹුවා පමණයි
ඔබ නොමැති පාඩුව බරයි…
ඔබ පැතූ දේශය ගොඩනගන්නට අපි කැප වන්නෙමු.
කෝසල සොයුර,
ඔබට විප්ලවීය ආචාරය!”