අමෙරිකාවේ බදු ගැටලුවේදී අවසානය දක්වා සටන් කරන බව චීනය අවධානය කර තිබෙනවා.
ඒ, චීනය විසින් අමෙරිකාවට පැනවූ බද්ද ඉවත් නොකළහොත් චීනයට අමතර සියයට 50ක තීරුබදු පනවන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කිරීමෙන් පසුවයි.
එසේ වුවහොත් චීනයෙන් ඇතැම් භාණ්ඩ සඳහා අමෙරිකාව විසින් සියයට 104ක බද්දක් පැනවෙනු ඇති. චීනය චෝදනා කර ඇත්තේ අමෙරිකාවේ මෙම ප්‍රකාශය තර්ජනයක් සේ සලකන බවයි.
අමෙරිකාවේ මෙම බදු පැනවීම හේතුවෙන් අද දිනයේ බොහෝ ආසියානු කොටස් වෙළඳපොළ ඉහළ යද්දී ලන්ඩනයේ ඇතුළුව යුරෝපයේ විශාලතම කොටස් වෙළඳපොළ සියල්ලම පාහේ කඩා වැටී තිබෙනවා.