Sunday, April 13, 2025

General line - 0115112241

අමෙරිකාවේ සියයට 50ක බද්ද රටවල් 60කට අද සිට



අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ ඉතා ඉහළ ප්‍රතිශතයකින් යුත් බදු අද සිට ක්‍රියාත්මක වනවා. 

එහි බලපෑම එල්ල වන රටවල් සංඛ්‍යාව 60ක්. එම රටවලට සියයට 11 සිට සියයට 50 දක්වා තීරුබදු පැනවීමට සිදු වනවා. 

ශ්‍රී ලංකාවට පැනවූ බදු ප්‍රතිශතය සියයට 44ක්. චීනයට අතිරේක බදු පැනවීමත් සමග චීනයේ බොහෝ භාණ්ඩවලට සියයට 104ක බද්දක් පැනවෙනු ඇති. 

කෙසේවෙතත් මෝටර් රථ, අර්ධ සන්නායක, වානේ සහ ඇලුමිනියම් වැනි ඇතැම් චීන නිෂ්පාදන සඳහා එතරම් ඉහළ බදු පැනවීමක් සිදු නොවනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

ට්‍රම්ප් පවසා ඇත්තේ මෙම තීරුබදු තම ආර්ථික දැක්ම සඳහා අත්‍යවශ්‍ය බවයි, එහෙත් මෙමගින් පූර්ණ වෙළඳ යුද්ධයක් සිදුවිය හැකි බවයි විශේෂඥයින් අනතුරු අඟවන්නේ. 

විශ්ලේෂකයින් පවසන්නේ මෙම තීරුබදු චීනයට දැඩි ලෙස බලපානු ඇති බවයි. 

මේ අතර, පැනවූ අධික බදු සම්බන්ධයෙන් ඉන්දියාව, අමෙරිකාව සමඟ සාකච්ඡා කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.