ජනාධිපති ද්‍රෞපදි මුර්මු පෘතුගාලයේ සහ ස්ලෝවැකියාවේ රාජ්‍ය සංචාරයක් ආරම්භ කර තිබේ.
ඊයේ සිය සිව්දින රාජ්‍ය සංචාරයක් ආරම්භ කළ ඇය දින 04 ක් එම රටවල රැඳී සිටීමට නියමිතයි.
සංචාරය අරඹමින් ජනාධිපතිවරිය පළමුව පෘතුගාලයට පැමිණ තිබේ.
ඇය පෘතුගාලයේ සංචාරය කරන්නේ පෘතුගාලයේ ජනාධිපති Marcelo Rebelo de Sousa ගේ ආරාධනයකට අනුවය.
1998 දී ජනාධිපති කේ ආර් නාරායනන් පෘතුගාලයට ගිය අවස්ථාවේදී අවසන් රාජ්‍ය සංචාරය සිදු වූ බැවින් ඉන්දීය ජනාධිපතිවරයෙකු මෙලෙස යළි පෘතුගාලයේ රාජ්‍ය සංචාරයකට එක්වන්නේ වසර 27 කට පසුව වීම විශේෂත්වයකි.
අප්‍රේල් 9 සිට 10 දක්වා ඇය ස්ලෝවැකියාවේ රැඳී සිටිනු ඇත.
ජනාධිපතිවරිය ස්ලෝවැකියාවට පැමිණෙන්නේ එරට ජනාධිපති පීටර් පෙලෙග්‍රිනිගේ ආරාධනයකට අනුවයි.
එය වසර 29කට පසු ඉන්දීය ජනාධිපතිවරයා ස්ලෝවැකියාවට කරන පළමු සංචාරය වේ.