යාපනය වාසවිලාන් සිට පලාලි මංසන්ධිය දක්වා දිවෙන මාර්ගයේ වසා දමා තිබු කිලෝමීටර දෙකහාමාරක පමණ කොටස අද යළි මහජනතාව වෙනුවෙන් විවෘත කෙරුණා.
ඒ, වසර 35කට පසුවයි.
1990 වසරේ සිට අදාළ මාර්ගයේ කොටස වසා දමා තිබුණේ යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය පිහිටා තිබීම හේතුවෙන්.
පවතින සාමකාමී තත්ත්වය හා යාපනය පලාලි ජනතාවගේ ඉල්ලීම මත මාර්ගයේ වසා දමා තිබූ කොටස යළි එලෙස විවෘත කර තිබෙනවා.
මාර්ගය විවෘත කිරීමේ සතුටට යාපනය ජනතාව කිරිබත් සකස් කොට පූජවක්ද පැවැත්වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
මාර්ගය විවෘත කරනු ලැබුවද උදෑසන හයේ සිට පස්වරු පහ දක්වා කාලය තුළ පමණක් මාර්ගයේ විවෘත කළ කොටසේ ගමන් කළ හැකි වනවා.
යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන කඳවුරු පවතින සීමාවේ වාහන නතර කර තැබීමට නොහැකි බවට ආරක්ෂක අංශ විසින් පුවරුද ප්‍රදර්ශනය කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.