Saturday, April 12, 2025

General line - 0115112241

දකුණු කොරියානු ගුවන් කඳවුරක් රූ ගත කළ චීන තරුණයින් දෙදෙනෙක් අල්ලයි



දකුණු කොරියානු ගුවන් හමුදා කඳවුරකදී හමුදා ගුවන් යානා නීතිවිරෝධී ලෙස ඡායාරූප ගත කළ බවට සැකපිට චීන තරුණයෙන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව දකුණු කොරියාවේ පොලිසිය පවසයි.

මාර්තු 21 වෙනිදා සෝල් නගරයට සැතපුම් 20 ක් පමණ දකුණින් පිහිටි සුවොන් ගුවන් කඳවුර අසල, ඔවුන් ගුවන් යානා රූගත කරන බව නිවැසියෙකු වාර්තා කිරීමෙන් පසු, මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ.

තරුණයින් දෙදෙනා සතුව තිබී ජංගම දුරකථන දෙකක් සහ ඩිජිටල් කැමරා දෙකක් පොලිස් භාරයට ගත් බව ද සඳහන්.

හමුදා ගුවන් යානා ගුවන්ගත වන සහ ගොඩබෑමේ ඡායාරූප උපාංගවල තිබී ඇති අතර ඒවා විමර්ශනය කරමින් පවතින බව දකුණු කොරියානු බලධාරීන් පවසයි.

සැකකාර තරුණයින් බලධාරීන්ට පවසා ඇත්තේ තමන් දකුණු කොරියාවේ සංචාරය කරන අතර ගුවන් සේවා විනෝදාංශයක් බවයි. 

ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔවුන් මුදා හැර ඇති නමුත් විමර්ශන අවසන් වනතුරු රටින් පිටවීම තහනම් කර තිබේ.