Monday, April 14, 2025

General line - 0115112241

කොටහේනේදී අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලීසියෙන් වෙඩි



කොටහේන ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට අද අලුයම පොලීසිය විසින් වෙඩි තබා තිබෙනවා. 

පොලිස් මූලස්ථානය පැවසුවේ මට්ටක්කුලිය පොලීසිය විසින් එම වෙඩි තැබීම සිදුකර ඇති බවයි. 

පොලීසිය විසින් සැකකටයුතු මෝටර් රථයක් නවත්වා පරීක්ෂා කිරීමට උත්සාහ දැරීමේදී අදාළ මෝටර් රථය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් එම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. 

වෙඩි තැබීමෙන් පසු අදාළ මෝටර් රථයේ රියදුරු මෝටර් රථය එම ස්ථානයේ දමා පලා ගොස් ඇති අතර මෝටර් රථය පොලිස් භාරයට ගෙන තිබෙනවා. 

පොලීසිය සැක පළ කරන්නේ අදාළ මෝටර් රථයේ රියදුරු විසින් එම රථය පැහැරගෙන පැමිණ ඇති බවයි. 

කොටහේන පොලීසිය මගින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.