Monday, April 14, 2025

General line - 0115112241

අලුත් අවුරුද්දට රටම සූදානම් වන හැටි

කමල් සුරවීර-පාලිත ආරියවංශ-ජූඩ් සමන්ත-රවීන්ද්‍ර චන්ද්‍රලාල්-මාධව කුලසූරිය



අලුත් අවුරුද්ද සැමරීම සඳහා සූදානම් වන ජනතාව දිවයිනේ බොහෝ නගරවලට අද දිනයේ ද පැමිණෙමින් ඇති බව නෙත් නිවුස් වාර්තාකරුවන් පවසනවා. 

හනුවර නගරයේ ජනතාව ද අද දිනයේ නගරයට පැමිණ එළඹෙන අලුත් අවුරුද්ද සඳහා සූදානම් වන බවයි මහනුවර නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීර පැවසුවේ. 


බදුල්ලේ ජනතාව ද අලුත් අවුරුද්ද පිළිගැනීම සඳහා ලහි ලහියේ සූදානම් වනවා. 

සිංහල හා දෙමළ ජනතාව මෙන්ම මුස්ලිම් ජනතාව ද අලුත් අවුරුද්ද සැමරීමට ජාති භේදයකින් තොරව සූදානම් වන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

ඒ පිළිබඳ තොරතුරු බදු්ලල නෙත් නිවුස් වාර්තාකරු පාලිත ආරියවංශගෙන්.


ඊයේ දිනයට සාපේක්ෂව හලාවත නගරයට පැමිණෙන ජනතාව තරමක් දුරට අඩුවී ඇති බවයි හලාවත නෙත් නිවුස් වාර්තාකරු ජූඩ් සමන්ත පැවසුවේ.


ගාල්ල නගරයේ ජනතාවගේ අලුත් අවුරුදු සූදානම සම්භන්ධයෙන් තොරතුරු ගෙන එන නෙත් නිවුස් වාර්තාකරු රවීන්ද්‍ර චන්ද්‍රලාල්. 



උතුරේ ජනතාවද අලුත් අවුරුද්ද පිළිගැනීම සඳහා ඉතා ඕනෑකමින් සූදානම් වනවා. ඒ පිළිබඳ තොරතුරු වව්නියාව නෙත් නිවුස් වාර්තාකරු මාධව කුලසූරියගෙන්.